Monday, December 17, 2012

ඒ ආදරය, කරුණාව. සෙනෙහස යළි ගොඩ නගමු.




ලෝකය වෙනස් වෙනව, අලුත් වෙනව, පරන වෙනව, යළි අලුත් වෙනව. ධනේශ්වරයේ මේ යුගය තුළ අප ජීවත් වෙන්නෙ මුළුමනින්ම වෙළෙද සමාජයක. ඒ තුළ නොවිකිණී පවතින කිසිවක් නෑ. පාරිභෝගික භාණ්ඩයන් මෙන්ම සමාජ මතයන්, පුරුෂාර්ථයන් මෙන්ම මිනිස් වටිනාකම් ද හුවමාරු වෙන්නෙ ඉහළම වටිනාකමටයි. ඒක මේ යුගයේ හැටි.

නමුත්  ආදරය, කරුණාව හා සෙනෙහස වැනි හැගීම් නැතිව සමාජයට පැවැත්මක් නෑ. මොන දේ මොන අන්දමින් මිල වුනත් සමාජය පවතින්න නම් මේ සමාජ වටිනාකම් නොවිකිණී පවතින්න ඕන. ඒත් මේ සමාජ ක්‍රමය තුළ ඒක වලක්වන්න නම් අපහසු කරුණක්. නමුත් සමාජයට පැවැත්මක් ඕන නම් කොහොම හරි ඒ දේ කරන්න ඕන. ඒකට සමාජ බලයක් අවශ්‍යයි. ඒ සමාජ බලය ගොඩ නගන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අප අද පටන් බලමු ඒ දේ කරන්නෙ කොහොමද කියල.

No comments:

Post a Comment